මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බව ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක පැවසීය.
කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ අද (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
"මේ ජනාධිපතිවරණය පැවැත්වීම ජයග්‍රහණයක්. ඊළඟ මැතිවරණවලට පෙර මැතිවරණ සංශෝධන කරන්න හැකිවෙයි කියලා අපි හිතනවා. නීතියේ සංශෝධන අවශ්‍ය බව අපි තේරුම් අරගෙන තිබෙනවා. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.
රට පැති ගණනාවකින් අස්ථාවර වෙලා. රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණයි. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන ස්ථාවරය අපිට තිබෙනවා.
අපේ රටේ කිසිඳු මැතිවරණයකදී කිසිඳු පුද්ගලයෙකු මිය යා යුතු නැහැ.
අපේ රටේ බොහෝ දේ වෙනස් විය යුතුව තිබෙනවා. මැතිවරණ පැවැත්වීම, ජයග්‍රහණ සැමරීම, අනෙකාට බිය ගෙන දෙන සංස්කෘතිය අපි ඉවත් කළ යුතුයි.
අපේ රට තුළ තිබෙන බොහෝ බෙදීම් ඉතා වේගයෙන් අපි සමනය කරගත යුතුයි. අපිට සාකච්ඡාවලින් ඉස්සරහට යන්න පුළුවන්".
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.