රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
ගැඹුරු ආර්ථික පරිවර්තනවලට පෙර ජනතාවට මුලික අවශ්‍යතා සපුරා ගත හැකි වාතාවරණයක් රට තුල නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
සුබ නැකතට රට අනුරට විජයග්‍රාහී ජනරැලි මාලාවේ කළුතර ජනරැලියට අද (18) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"ලංකාවේ අපි සතුටු විය යුතු දේශපාලනයක් අද නිර්මාණය වෙලා තියෙනවා. උතුර දකුණ නැගෙනහිර දකුණ වෙන්වෙලා කරපු දේශපාලනය සිංහල දෙමල මුස්ලිම් ජනයා වෙන්වෙලා කරන ලද දේශපාලනය...... ජාතික ජන බලවේගය සමත්වෙලා තියෙනවා උතුර දකුණ නැගෙනහිර එකට එකතු කරන ලද සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ ජනයා, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියලු ජනයා එක තැනකට එකතුකරන ලද දේශපාලනයක් කිරීමට. අපි ජයග්‍රහණය කරන්න පෙරම ඒ ප්රශ්නයේ දී අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් රටට හිමිකර දී තියෙනවා. අපි ජාතික සමගියේ ඉදිරි පියවරයන් 21 වැනිදායින් පසුව ඉටු කරනවා.
අනෙක විධ දුක් දොම්නසට පත්වී සිටින ජනතාව ආරම්භයක් ලෙස බලාගැනීම රජයේ වගකීමක්. එනිසා අපි සැලසුම් කරලා තියෙනවා ජීවත්වීමට අසීරුම පවුල්වලට රුපියල් 7,500 සිට 10,000 දක්වා දීමනාවක් ලබාදෙන්න කෙටිකාලයකට. මේ කලාපයේ ඉහලම විදුලිබිල කෙටිකාලයක් ඇතුලත අඩුම විදුලි බිල බවට පරිවර්තනය කරනවා. සෞඛ්‍ය අධ්‍යාපන අත්‍යවශ්‍ය ආහාර සඳහා ඇතුළුකොට තිබෙන බදු මුළුමනින් නිදහස් කරනවා. ගැඹුරු ආර්ථික පරිවර්තනවලට පෙර මුලික අවශ්‍යතා සපුරා ගත හැකි වාතාවරණයක් නිර්මාණය කරනවා. ආරම්භයේදීම අපි ඒ පරිසරය හදලා දෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.