රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි සඳහා මොනරාගලදී එක්වෙමින් අද (18) පැවසීය.
රටේ ජනතාවගේ වගකීම සමගි ජන සන්ධානය භාර ගන්නා බවත් දක්ෂ, පලපුරුදු කණ්ඩායමක් සමග පොදු ජනතාවගේ අයිතීන් සුරකින පොදු ජන යුගය බිහි කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
"ජනතා විමුක්ති පෙරමුණට, පොදුජන පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට සහ අනෙකුත් පක්ෂවලට සම්බන්ධ සියලු දෙනා අවසාන මොහොතේ හෝ ඔබගේ ඡන්දය නාස්ති නොකර දුරකතනයට ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි ළඟ හොර බොරු වංචා නෑ. අපි ළඟ දේශපාලන ඩීල්” කුමන්ත්‍රණ නෑ. මේ රටේ දුකට පත්වී සිටින ලක්ෂ 220 ක් ජනතාව දුකින් මුදවාගෙන රට ගොඩනැගීම තමයි අපිට තිබෙන එකම ඩීල් එක. ජනතාවගේ බදු බර අපි පහත හෙළනවා. ආයෝජන වැඩි කරනවා. ආයෝජනවලට වගේම රටට පිළිකාවක් වූ දූෂණය වංචාව හොරකම අපි අනිවාර්යෙන්ම පිටු දකිනවා. රට විනාශ කළ හොරුන්ව නීතියේ ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා. සමගි නීතිඥ සංගමය සහ සමගි බුද්ධි මණ්ඩපය ෆයිල් පෙන්න පෙන්න බොරු සංදර්ශන කරන්න ගියේ නෑ. මේ රට බංකොලොත් කළ රාජපක්ෂ ප්රමුඛ කල්ලිය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට ගෙන ඒමට අපට හැකිවුණා. අපි හොරුන් අල්ලනවා වගේම හොරකම් කළ රටේ සම්පත් නැවත අපේ මාතෘ භුමියට ලබාගන්න අනිවාර්යෙන්ම කටයුතු කරනවා"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.