මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, නිදහස්, සාධාරණ හා විශ්වසනීයභාවයෙන් යුතුව පැවැත්විම සඳහා සියලු විධි විධාන යොදා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඊට අදාලව ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්යයන් පිළිබඳ චක්‍රලේඛ, උපදෙස්, නියෝග කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
කෙසේ වෙතත් කොමිෂන් සභාවේ වර්තමාන උපදෙස්වලට පරිබාහිරව විවිධ පුද්ගලයින් හා සංවිධාන, ඡන්ද විමසීම් ක්‍රියාවලියට අදාලව එනම්, සලකුණු කරන ආකාරය, මනාප ගණන් කරන ආකාරය, මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් වරින්වර කරනු ලබන ප්‍රකාශ හා මත, ප්‍රචාරය වන බවට නිරීක්ෂණය වන බව එහි දැක්වෙයි.
ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත් එවැනි කිසිදු ප්‍රකාශයක, නිල වලංගුතාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.