මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ෆ්රෑන්ක්ෆර්ට් (FRA), ඉන්චිඔන් (ICN), මෙල්බන් (MEL) සහ සිඩ්නි (SYD) යන ගුවන්තොටුපොළ වලදී ගුවන් යානා ඉන්ධන සැපයීමේ දැනට ක්‍රියාත්මක කොන්ත්‍රාත්තු 2024-10-31 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
එබැවින් වසර 2 ක කාලසීමාවක් සඳහා එකී ගුවන්තොටුපොළ වල යෝග්‍ය සැපයුම්කරුවන් තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීම සිදු කර ඇති අතර, ඒ සඳහා ගුවන් යානා ඉන්ධන සැපයීමේ සමාගම් 8 කින් ලංසු ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව,තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, ගුවන් යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.