මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මහජන දේපල සොරකම් කර ඇති නම් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබාදීමත් සොරකම් කරනලද දේපල පවරාගැනීමත් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම සිදු කරන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද (31) බියගම ප්‍රදේශයේ දී පැවති ජනරැලියක් අමතමිනි.
"මහජන දේපල සොරකම් කර ඇති නම් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබාදෙන එකයි සොරකම් කරනලද දේපල පවරාගන්න එකයි කරනවා. මම මෙහෙම කියනකොට සජිත් ප්‍රේමදාස ත් කියනවා හොරු අල්ලනවලු. මෙහෙම දකුණු අත පැත්ත බලනකොට කිරිඇල්ල, වම බලනකොට ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත සුජීව, පිටිපස්ස බලනකොට නාලක ගොඩහේවා, බිම බලනකොට සජිත්. අල්ලයිද හොරු? මතක තියාගන්න මේ රටේ ජනතාව හෙම්බත්වෙලා ඉන්නේ. මේ රට මේ තරම් ප්‍රපාතයකට කඩා වැටෙන්න මේ තරම් අසරණ භාවයකට පත්වෙන්න වංචාව දුෂණය විශාල ලෙස හේතුවෙලා තියෙනවා. පාරක් හදන්න ලක්ෂ 100ක් වෙන් කරනවා. ඇමතිගේ ඉඳන් සභාපති බෙදීගෙන බෙදීගෙන ඇවිල්ලා අන්තිමට පාරට යන්නේ ලක්ෂ 30. ලක්ෂ 20ක් වෙන්කරේ අවුරුදු 20ක් තියෙන්න. හැබැයි හදන්නේ ලක්ෂ 30 තියෙන්නේ අවුරුදු 5යි. සංවර්ධනයට හොරකම බාධාවක්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.