39ක් තෙරපී මියගිය සිද්ධියට විජයගේ පක්ෂයට එරෙහිව නඩු
දකුණු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 39 දෙනෙකු මියගිය සිදුවීමෙන් පසු ඉන්දීය පොලිසිය ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
දකුණු අප්‍රිකානු රූ රැජින කිරුළු පළන් පළමු බිහිරි කාන්තාව බවට 28 හැවිරිදි ''මියා ල රූ'' පසුගියදා පත්වුණා ය.
ඒ, අවසන් වටයට සුදුසුකම් ලැබූ 'හිදිමා අඩෙට්ෂිනා' නම් තරගකාරියක ගේ නයිජිරියානු උරුමය ගැන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ අපවාදාත්මක මත පළකිරීම් හමුවේ, එම තරගකාරියට ඉන් ඉවත්ව යාමට බලකෙරෙන තැනට පත්වුණු තරගයකින් අනතුරුවයි.
මියා ල රූ කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ, ''සමාජයෙන් කොන් කර ඇතැයි හඟින අයට සිය සිහින සාක්ෂාත් කර ගැනීමට තමන්ගේ ජයග්‍රහණය උපකාර වනු ඇතැයි සිතන බවයි''.
ඇය වැඩිදුරටත් පැවසුවේ "මූල්‍යමය වශයෙන් අපහසුතා ඇති හෝ විශේෂ අවශ්‍යතා සහිත" අයට උපකාර කිරීමට ඇයට වුවමනා බවයි.
"කළු-කළු වෛරයේ" ගොදුරක්
23 හැවිරිදි නීති ශිෂ්‍යාවක් වන 'හිදිමා අඩෙට්ෂිනා' පසුගිය සතියේ දී තරගයෙන් ඉවත් වූයේ ඇයගේ මව දකුණු අප්‍රිකානු කාන්තාවක ලෙස පෙනී සිටිමින් සිය සැබෑ අනන්‍යතාවය වසන් කරන බවට එල්ල වූ චෝදනා හේතුවෙනි.
අඩෙට්ෂිනා නයිජීරියානු පියෙකුට සහ මොසැම්බික් සම්භවයක් ඇති මවක දාව දකුණු අප්‍රිකාවේ උපත ලැබූ තරුණියකි.
රට නියෝජනය කිරීමට ඇයට ඇති අයිතිය ප්‍රශ්න කරමින් සති ගණනාවක සිට සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට අපවාද එල්ල වූ අතර එලෙස අපවාද කළ පුද්ගලයින් අතර කැබිනට් අමාත්‍යවරයෙක් ද සිටියි.
දකුණු අප්‍රිකානු නොවන වෙනත් අප්‍රිකානු රටවලින් පැමිණෙන හෝ සම්භවයක් ඇති පුද්ගලයින් ඉලක්ක කරගනිමින් වෛරිසහගත වෙන්කොට සැලකීම් සිදු කෙරෙන "afrophobia" නම් භීතිකාවේ එනම්, "කළු-කළු වෛරයේ" ගොදුරක් බවට තමන් පත්ව ඇතැයි හිදිමා අඩෙට්ෂිනා පැවසුවා ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දකුණු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 39 දෙනෙකු මියගිය සිදුවීමෙන් පසු ඉන්දීය පොලිසිය ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
සැත්කමක් සඳහා රෝගියෙකු නිර්වින්දනය කිරීමෙන් පසු එම රෝගියා සැත්කම් මේසය මත සිටියදීම, හෙදියක් සමඟ ලිංගිකව හැසිරීමට වෙනත් කාමරයකට ගිය වෛද්‍යවරයෙක් ගේ ක්‍රියාව එක්සත් රාජධානියේ වෛද්‍ය විනිශ්චය සභාවක් විසින් විභාග කර තිබේ.
හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 ක සිර දඩුවම් නියමකර තිබේ.