දරුවා ඔබේ උනාට, ඔබේ මාකටින්වලට නොදරුවො පාවිච්චි කරන්න බැහැ !
ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ ගායකයෙක් දවසක් මට හරි ලස්සන කථාවක් කිව්වා ,
"අධ්‍යාපනය අපේ අයිතියක්... ක්‍රීඩාව අපේ අයිතියක්". මෙහෙම කියන්නෙ කිමියා යොසොෆි.
Education.. Sport our rights.
පැරිස් ඔලිම්පික් තරඟාවලියේදී තමන්ගෙ නම ලියූ බැනරයේ පිටුපස අත් අකුරෙන් ලියපු මේ පණිවිඩය සියළුම ලෝකවාසීන් වෙතයි.
විදුලි වේගයෙන් ඉගිලෙන ක්‍රීඩිකාවන් අතරෙ කිමියා මීටර් 100 ඉසව්ව අවසන් කරන්නෙ තත්පර 13.42 න්.
වේගය අනුව ගත්තොත් කිමියාට හිමිවෙන්නෙ මීටර් 100 ඉසව්වේ අන්තිම ස්ථානය.
තමන්ගෙ රටේ ගැහැණු දරුවන්ගෙ ..කාන්තාවන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඒ අවසන් ස්ථානය
කිමියාට බාධාවක්වත්..ලැජ්ජාවක්වත් වුනේ නෑ.
ඉරානයෙත්.. ඉන්දියාවෙත්.. ඕස්ට්‍රේලියාවෙත් වරින් වර රැකවරණය ලබමින් ක්‍රීඩාකරන කිමියා 2016 වසරේත් 2021 වසරේත් ඇෆ්ඝන් කන්ඩායම නියෝජනයකල ක්‍රීඩිකාවක්. ඒත් එක්කම තලෙයිබාන් රජයෙන් දඬුවම් නියමකල තරුණියක්.
අද ඇෆ්ඝන් දැරියන්ට පාසැල් යාමේ හැකියාවක් නෑ. කාන්තාවන්ට පාසැල් අධ්‍යාපනය තහණම්.
කාන්තාවන්ට ක්‍රීඩාව තහණම්. පුරුශයෙකු නොමැතිව කාන්තාවකට ගෙයින් පිටට යාම තහණම්.
කොටින්ම තලෙයිබාන් පාලනයේ කාන්තාව කියන්නෙ වහලියක්.
පන්දු කෙලින පිරිමි පක්ශයට හුරේ දාන තලෙයිබාන් රජයට කාන්තාව කියන්නෙ තමන්ට අයිති භාන්ඩයක් විතරයි.
ක්‍රීඩා කරපු වරදට එල්ලා මරාදැමූ ක්‍රීඩිකාවන් ... කස පහර ලැබූ කාන්තාවන් දාස් ගාණක් ගැන අද කිසිවෙක් කතා කරන්නෙ නැහැ. ඇෆ්ඝනිස්තානයෙන් පලාගිහින් විවිධ රටවල ජාතික කන්ඩායම් නියෝජනය ඇෆ්ඝන් තරුණියන් ක්‍රීඩාවට සැබෑම දක්ශයින්. ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩිකාවක් වූ නාදියා නදීම් එයින් එක් අයෙක්.
එක් කාන්තාවකට වැදුනු බොක්සින් පහරක් ගැන අඳෝනා කියන කුහක සමාජය ඇෆ්ඝන් කාන්තාව හමුවේ නිහඬවීම සැබෑම ඛේදවාචකයක්.
මීටර් 100 ඉසව්ව පරාද වුනත් කිමියා යොසොෆි සැබෑම වීරවරියක්.
සටහන: Malcolm Sang මුහුණුපොතෙන් උපුටා ගැනුණි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ ගායකයෙක් දවසක් මට හරි ලස්සන කථාවක් කිව්වා ,
පියුමි හංසමාලි කියන්නෙ නූතනයේ ජීවත්වෙන පස්සෙ දවසක ඓතිහාසික වෙන චරිතයක්. ලංකාවෙ ලිංගිකත්වය කියන දේ එය තැබිය යුතු තැනට ඔසවා තැබුවෙ පියුමි. ලංකාවෙ ගැහැණියකගේ ලිංගිකත්වය මගින් අත්පත් කරගන්න පුළුවන් ඉහලම ස්ථරයන් ඇය විසින් අත්පත් කරගන්නවා. කොටින්ම ලංකාවෙ ලක්ෂ හැට නමයක ජනාධිපතිගේ වාහනේ පාවිච්චි කරන්නෙත් පියුමි. ඒ අතින් එයා ඉන්නෙ ජනාධිපතිටත් ඉහලින්.
මම, මා ජීවත් වූ සහ ජීවත් වීමට ඉතිරිව ඇති වසර ප්‍රමාණය ගණන් කෙරුවෙමි. මා ජීවත්ව සිටියාට වඩා අඩු වසර ගණනක් පමණක් දැන් මා ඉදිරියේ ඉතිරිව ඇති බව ඉන් උගත්තෙමි. මට මා දැන් දැනෙන්නේ රසකැවිලි පාර්සලයක් දිනාගත් දරුවෙකු ලෙසිනි. ඔහු මුල් රසකැවිලි කිහිපය ඉමහත් ප්‍රමෝදයෙන් අනුභව කෙරී ය. නමුත් දැන් ඉතිරිව ඇත්තේ රසකැවිලිවලින් ස්වල්පයක් පමණක් බව දැනගත් වහාම ඔහු දැඩි උවමනාවකින් සහ සිහියෙන් ඒවා රස විඳීම ඇරඹීය.