ඉන් අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පත්කර ඇත.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවට එහි වැඩබැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද, අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙනුවට මාතර දිස්ත්‍රික් නායකත්වයේ වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකත් පත්කර තිබේ.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ රමේෂ් පතිරණ වෙනුවට එම දිස්ත්‍රික්කයේ වැඩබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පත් කර ඇත.
adaderana.lk