ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය රජයට චෝදනා කර සිටියි.
රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය ඇත්තේ එවැනි මිල නියාමනය ක්‍රමවේදයක් සකස් කිරිමට අපොහොසත් වීම නිසා බව යි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසන්නේ.
කෙසේ වෙතත් ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.