ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය සේවය තුළ සියලු විශ්‍රාමිකයන් වෙත දැනට ලබාදෙන රුපියල් 2,500ක දීමනාවට අමතර ව රුපියල් 3,000ක් එක්කොට එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සියුම් ව සලකා බලමින් අදාළ ඉදිරි සංශෝධන සිදුකිරීම පිණිස ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යූ.ආර්.සෙනෙවිරත්න ගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් මෑතක දී පත්කරන ලද බවත්, එමඟින් සිදුකෙරෙන සමාලෝචන අනුව 2025 වසරේ සිට සංශෝධිත වැටුප් ව්‍යූහය ක්රියාක්මක කරන තෙක් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිට රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාව ලක්ෂ 07 ක් පමණ විශ්‍රාම වැටුප් ලබන බවත්, ඒ අනුව 2024 වර්ෂය තුළ මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 8.4ක අතිරේක වියදමක් රජයට දැරීමට සිදුවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය අයවැය කළමනාකරණය කිරීමේ අභියෝග මධ්‍යයේ වුව ද මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට පියවර ගනු ලැබූවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් මුහුණදෙන වත්මන් මූල්‍ය දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය ලබාදෙන ඉක්මන් කෙටිකාලීන විසඳුමක් ලෙස බව ද ප්‍රකාශ කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.