ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අතුරුගිරියේ ඝාතන සිදුවීමේ අත්අඩංගුවට ගතයුතු බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගැනීමට ඉතිරිව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
මීට සුළු මොහොතකට පෙර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
එම අපරාධයට සම්බන්ධ, පියවරෙන් පියවර සැලසුම් කළ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙම අවස්ථාවේ දී හෙළි කළ නොහැකි බවත් අමාත්‍යවරයා පවසයි.
මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරත වන සහ පාතාල ක්‍රියාකාරකම් සිදු කරන සියලු දෙනාට මින් ඉදිරියට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.