ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිදු වෘත්තීය සමිතියක් මහජනතාව අපහසුතාවයට, අසරණ තත්ත්වයට පත් කර ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹ හයිඩ් පිටියේදී ඊයේ (11) පස්වරුවේ පැවැති කොළඹ නාගරික මහ සමුළුව අමතමිනි.
රාජ්‍ය සම්පත් රැකීමට, රාජ්‍ය සම්පත් දියුණු රැකීමට, රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගැනීමට, ආයෝජකයන් ගෙනැවිත් සංවර්ධන කටයුතු සිදුකිරීමට අරගල කරන නමුත් රටේ මහජනතාව අපසුතාවට පත්ව තැනට වෘත්තීය සමිති කටයුතු කරන්නේ නැති බවත් අපහසුතාවට පත්වන දුක් විඳින ජනතාව දෙස බලා ජයග්‍රහණයක් ලැබුවායැයි කාලකණ්ණි සතුටක් ලැබීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තම පක්ෂයේ වෘත්තීය සමිති සූදානම් නැති බවත් ඔහු කියා සිටියේ ය.
වෘත්තීය සමිති සහ රජය අතර හොඳ අවබෝධයක් පැවතිය යුතු බවත්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව දේශපාලන වෘත්තීය සමිති සඳහා ආණ්ඩුව ඇහුම්කන් දිය යුතු බවත්, වෘත්තීය සමිති තළලා, පෙළලා, ගහලා තමන්ගේ රාජ්‍ය පාලනය කරන්න හැකි යැයි ආණ්ඩුව විශ්වාස කරන්නේ නම් එවැන්නක් කළ නොහැකි බවත්, වෘත්තීය අවශ්‍යතා සම්බන්ධයෙන් ආණ්ඩුව සහ වෘත්තීය සමිති සාකච්ඡා මඟකට පැමිණ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.