කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
14 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පමණක් විවෘත මෙම අවස්ථාවට, එක් අයදුම්කරුවෙක්ට චිත්‍රපට 2ක් ඉදිරිපත් කිරීමට හැකි අතර ඒවා උපරිම මිනිත්තු 30 කාලයකට යටත්ව, 2023 ජනවාරි 1 වැනිදාට පසු නිෂ්පාදනය කළ චිත්‍රපට විය යුතු ය.
චිත්‍රපට 2024 ඔක්තෝබර් 25 වැනිදාට පෙර යොමු කළ යුතු ය.
ඉදිරිපත් කෙරෙන කෙටි චිත්‍රපටවලින් තෝරා ගැනුණු හොඳම නිර්මාණ සහ නිර්මාණකරුවන් උදෙසා අංශ 15ක් යටතේ සම්මාන පිරිනැමීමට සංවිධායකයින් කටයුතු සුදානම් කොට ඇත.
හොඳම කෙටි චිත්‍රපටය, ජූරියේ සම්මානය, මානව හිමිකම් සම්මානය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදාත්මක කෙටි චිත්‍රපටය, හරිත සම්මානය, හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය, හොඳම සංස්කරණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම රංගනය සහ අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරු (වයස අවුරුදු 24ට අඩු) ඇතුළු සම්මාන 15ක් එහිදී පිරිනැමෙනු ඇත.
ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ දෙසැම්බර් 6 වැනිදා සිට 9වැනිදා දක්වා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිත යි.
වැඩි විස්තර www.agenda14.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.