උගන්ඩාවේ වාහන කිහිපයක් එකට ගැටී 60කට වැඩියෙන් මරුට
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහල මට්ටමක පවතින බව එම මණ්ඩලය පවසයි.
එමනිසා පානීය ජල සැපයුම සීමා සහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතු වලට සමසේ බෙදාහැරීය යුතු බව දැනුම් දී තිබේ.
එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට ජලය භාවිතා කිරීම අවම කොට අත්‍යවශ්‍ය දෛනික කටයුතු වලට පමණක් භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉතා කරුණාවෙන් ඉල්ලා සිටී.
මෙවැනි තත්ත්වයක් ඇති වූ විට පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශ වල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදි අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකිය.
කෙසේවුවත් මෙම වියලි හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන දුෂ්කරතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව ප්‍රකාශ කරයි.
විමසීම් - 1939 ඇමතුම් මධ්‍යස්ථානය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.