උගන්ඩාවේ වාහන කිහිපයක් එකට ගැටී 60කට වැඩියෙන් මරුට
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
මැතිවරණ හයක් එක දිගට පරාජයට පත්ව ඇති හෙයින් ආසන සංවිධායකවරුන් මාරු කිරීමට පෙර පක්ෂය ආරම්භයේ සිට කටයුතු කළ නිලධාරීන් සහ නායකයන් වහාම වෙනස් කරන්නැයි ආසන සංවිධායකවරුන් පිරිසක් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් දස දෙනෙකු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පෞද්ගලිකවම හමුවී ඉල්ලීමක් කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, එම වෙනස්කම් සිදුකර ජනතා ආකර්ෂණීය පුද්ගලයන් එම තනතුරුවලට පත් කරන්නැයිද ඔවුහු ඉල්ලා ඇත.
සමග ජන බලවේගය එක දිගට ජනාධිපතිවරණ දෙකක් මහ මැතිවරණ තුනක් හා පළාත් පාලන මැතිවරණයත් පරාජයට පත්ව ඇති හෙයින් එම මැතිවරණ පරාජයන්ට ආසන සංවිධායකවරුන්ට පමණක් චෝදනා එල්ල කිරීම අසාධාරණ බව පෙන්වාදී ඇති එම නියෝජිතයන් පක්ෂ නිලධාරී මණ්ඩලය කඩිනමින් වෙනස් නොකළහොත් ඉදිරි මැතිවරණද පරාජයට පත්වීම නොවැළැක්විය හැකි බව ප්‍රකාශ කර තිබේ.
ඔවුන් පක්ෂ නායකත්වයට මෙසේ දැඩිව ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ පරාජයට වගකිවයුතු බව පවසමින් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.
පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ නම් මහ මැතිවරණයෙන් මීට වඩා ලොකු ආසන ප්‍රමාණයකට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් එම ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයකට යොමු වූයේ නම් ලොකු ජයග්‍රහණයකට යෑමට අවස්ථාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත.
එසේම ගෝඨාභය රාජපක්ෂ රට භාර දුන් මුල් අවස්ථාවේදී විපක්ෂ නායකවරයා වශයෙන් භාරගත්තේ නම් එසේ කරන වැඩ කොටස තුළින් යම් නමක් හදා ගැනීමට හැකියාව තිබූ බවත් රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ විස්සක ඡන්ද පදනමකට ගියේ රට බාර ගැනීමෙන් යම් නමක් හදා ගැනීම නිසා බවද සඳහන් කර ඇත. විපක්ෂ නායකවරයාට රට භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේදී පක්ෂයේ සිටින ඇතැම් ආර්ථික ඔස්තාර්ලා මේ අවස්ථාවේදී භාර නොගන්නැයි පවසමින් ඔහු අධෛර්යමත් කළ බව පැවසූ ආසන සංවිධායකවරු සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂය ආරම්භයේ සිට මේ දක්වාම කටයුතු කරන නායකයන් සහ නිලධාරීන් වහාම වෙනස් කර නිර්මාණශීලී අදහස් ඇති තරුණ නියෝජිතයන් එම පුටුවලට පත් කළ යුතු බවද පෙන්වාදී ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.