අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන කථානායක තීරණය මෙන්න
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නොගැලපෙන සහ නිසි පිළිවෙලකට නොමැති බැවින් තමාට එය පිළිගත නොහැකි බව කථානායකවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.