තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
අද (11) බදුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කර ඇත.
‘දැන් රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා පොහොට්ටුව ගැන. කඩාගෙන ගියාට අපිට කිසිම අඩුවක් වෙලා නැහැ. අපි දැන් එදාට වඩා අද ශක්තිමත්. මැතිවරණය නොතියා ඉන්න බැහැ. ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දාන්න බැහැ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය එතරම් මෝඩකමක් කරයි කියලා .
එහෙම වැඩක් එක්සත් ජාතික පක්ෂය කලොත් ඒ එක්සත් ජාතික පක්ෂයේ අවසානයයි.
අපේ ජනපති අපේක්ෂකයා ගැන දැන්ම මොනවාත් කියන්නෙ නැහැ. නිසි වෙලාවට, නිසි කලට එය අපි කියන්නම්. ජනතාව දැන් බලාගෙන ඉන්නෙ පොහොට්ටුව දිනවන්නට. නැතිව වෙන මොනවාත් පක්ෂ ගැන නොවේ ජනතාව බලාගෙන ඉන්නෙ.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.