උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.

එරට වේලාවෙන් අලුයම 00:15 ට (GMT 21:15 ට) කම්පාලා-ගුලු අධිවේගී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කළ බස් රථ දෙකක් තවත් වාහන දෙකක් - ලොරියක් සහ මෝටර් රථයක් - පසුකර යාමට උත්සාහ කිරීමේදී ''මුහුණට මුහුණ ගැටී" අනතුර සිදුව ඇති බව උගන්ඩා පොලිසිය දැනුම් දී තිබේ.

අනතුරක් වළක්වා ගැනීමට උත්සාහ කරමින් එක් බස් රථයක් වෙනතකට හරවා ඇති නමුත් එහිදී මුහුණට මුහුණ ගැටීමකින් අනෙකුත් වාහන ද පාලනයෙන් ගිලිහී ගොස් පෙරළී ගොස් ඇත.

අනතුර පිළිබඳ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.