මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්ට ඇති තර්ජන සම්බන්ධයෙන් නිරන්තර බුද්ධි වාර්තා කැඳවමින් ඇති බවයි.
අදාළ බුද්ධි වාර්තා මත පදනම්ව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති අපේක්ෂකයින් සහභාගී වන ජන රැළි පැවැත්වීමට දින කිහිපයක සිට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තා කැඳවා අධ්‍යනය කරනු ඇති.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අමතරව අදාළ අපේක්ෂකයා එම ජන රැළියට සහභාගී විමට පැය කිහිපයකට පෙර යළිත් ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කර ගන්නා බවයි.
එවැනි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ, ජනාධිපති අපේක්ෂකයින්ට අවශ්‍ය ආරක්ෂාව සලසා ඇතැයි, අමාත්‍යාංශය පෙන්වා දෙන්නේය.
කෙසේ වෙතත්, ඊයේ මැතිවරණ කොමිසමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ නියෝජිත රේනුක පෙරේරා පැවසුවේ, නාමල් රාජපක්ෂ ට සහ මහින්ද රාජපක්ෂ ට තර්ජන එල්ල වී ඇති බවයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.