පොදු සමාව අවභාවිත කරලා - පොලිසියෙන් නිවේදනයක්
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විදෙස් ජාතිකයෙකු ද වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
"පසුගිය දවස්වල අපේ විදේශීය සංචාරකයින්ට අනතුරක් සිදුවෙනවා කියලා තොරතුරක් ආවා. ඒ ආපු විගසම අපි වහාම ක්‍රියාත්මක වුණා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළා, විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළා. විපක්ෂය බලන්හිටියා මේක අහුලගෙන වාසි ගන්න ඒකනේ ඇත්ත කථාව. ඉතින් අපි මේ වෙනකොටත් 06 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මාලදිවයින් ජාතිකයෙක් සහ ලාංකියෝ 05 දෙනෙක් අපේ අත්අඩංගුවේ පරීක්ෂණ කරමින් යනවා. ඒ පරීක්ෂණවලින් අපිට තාම කියන්න බැහැ මේක කොයි ආකාරයේ සැලසුමක්ද ? උත්සාහයක් කියන එක. මොකද අත්අඩංගුවට ගත්ත 06 දෙනාගෙන් ලබාගත්ත තොරතරු සහ පරික්ෂණවලින් එහෙම නිගමනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව වැරදි අර්තකථන අවශ්‍ය නැහැ කොහොම වුණත් රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ ඒ ආරක්ෂක තහවුරු කරන එක. ඉතින් අපි තුන්දෙනාගේ අමාත්‍ය මණ්ඩලය ආරක්ෂ කවුන්සිලය වහාහ කැඳවලා ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා විදිහට ඒ අවශ්‍යකරන උපදෙස් දීලා අපි සියලුකටයුතු දැන් අරගෙන ඉවරයි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
රේගුවෙන් නිදහස් කළ ප්‍රශ්න ගත බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ය.
වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8ට අවසන් කර තිබේ.