ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු සඳහන් කළේ, පියයුරු පිළිකා කල්තියා හදුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවය.
"ලෝකයේ රටවල්වලත් පියයුරු පිළිකා සංඛ්‍යාත්මකව වැඩිවෙමින් පවතිනවා. නමුත් ලංකාවේ තියෙන විශේෂත්වය තමා ලෝකයේ කලින් හඳුනාගැනීම වැඩියි ලංකාවට සාපේක්ෂව. ඒ නිසා පියයුරු පිළිකා නිසා සිදුවන මරණ, ප්‍රතිශතයක් විදියට අනෙක් රටවල්වලට සාපේක්ෂව, ලංකාවේ වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපි කලින් හඳුනාගැනීම වැදගත් කියන එකයි කියන්න ඕනේ වුණේ. ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුද්දකට පියයුරු පිළිකා සහිත කාන්තාවන් 5500ක් පමණ හඳුනාගන්නවා. එයින් 125ක් පමණ පිරිමි පුද්ගලයින් වෙනවා. කාන්තාවක් වීම කියන සාධකයම පියයුරු පිළිකා හැඳීමේ අවදානම වැඩිවෙන්න හේතුවක්."
"පියයුරුවේ ඇති වෙන යම් ගැටිත්තක්. වළ ගැසීමක්. එහෙමත් නැත්නම් සමේ වර්ණයේ වෙනසක්. සම ඝන වීමක්. තව දුරටත් කිව්වොත් කිහිල්ලේ ඇති වෙන යම් ගැටිත්තක්. තන පුඩුවේ ඇති වෙන වෙනස්කම්. මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා අපි පහසුකම් සපයන සායන කිහිපයක් තියෙනවා. එකක් සුව නාරි සායනය, සුව දිවි සායන තියෙනවා රෝහල්වල. ඊළඟට රෝහල්වල තියෙනවා පියයුරු සායන. මේ හැරුණු කොට ශල්‍ය සායනයකින් පියයුරු පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.