රතන හිමිට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධ ගැටලු පවතින බව, සිදුකරන ලද සීමිත පර්යේෂණවලින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
දරුවන් හට සුවබර නින්දක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට දෙමව්පියන්ගේ කාර්යය භාරයක් වන බව යි එම කාර්යාංශයේ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ සඳහන් කරන්නේ.
"ලංකාවේ දරුවන් අතරින් නින්ද සම්බන්ධයෙන් ගොඩක් ලොකු පර්යේෂණ සිදුකරලා නැති වුණත් තිබෙන සීමිත දත්තවලට අනුව පෙනී ගිහින් තියෙනවා අවුරුද්දක් වනතුරු දරුවන් අතරේ 25%ක දරුවන්ට ගැටලු තියෙනවා කියලා. ඒ වගේම නව යොවුන් වියේ දී නින්ද අඩුකම නිසා ඇති වෙන බලපෑම් ඇති වෙලා තියෙනවා වගේම වැඩිහිටි සහ තරුණ අයගේ නින්දේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන බව ලංකාවේ තිබෙන සීමිත දත්තවලින් පවා පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට ගැඹුරු මතකයක් ලෙස ස්ථාවර මතකයක් ඇති කරගන්නත් හොඳ නින්දක් ඕනේ. ඒකට එයා පුංචිකාලේ ඉඳලා පුරුදු වෙන්න ඕනේ නිදා ගන්න."
"උපතේ ඉඳලා මාස තුනක විතර කාලයේ දී පැය 14 - 17ක් පමණ නිදා ගත යුතුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල තියෙනවා. මාස 4 සිට අවුරුද්ද දක්වා පැය 12 සිට පැය 16කුත්, අවුරුද්දේ සිට අවුරුදු 2 දක්වා පැය 11 සිට පැය 14 දක්වාත්, අවුරුදු 3 සිට අවුරුදු 4 දක්වා පැය 10 සිට පැය 13කුත්, අවුරුදු 5 දරුවෙකුට පැය 10 සිට පැය 12 දක්වා නිදා ගත යුතුයි. අවුරුදු 5 දක්වා දරුවන්ට 24න් 50%කට වැඩිය නින්ද අවශ්‍යයි. එය මානසික හා ශාරීරික සෞඛ්‍යට හා වර්ධනයට බලපායි. වැඩිහිටියෙක් නම් අඩුම තරමින් පැය 7ක් වත් නිදා ගන්න ඕනේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.