ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් අද (29) දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ බිත්තර රෝල් සහ බිත්තර ආප්පයක් රුපියල් 20කින් පහත දමා ඇති අතර බිත්තර රොටියක මිල රුපියල් 30කින් පහත දමා ඇති බවයි.
පසුගියදා බිත්තර වල මිල අඩු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
කෙසේවෙතත්, බේකරි නිෂ්පාදනවල මිලෙහි කිසිදු වෙනසක් නොමැති බවද වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය පවසයි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් සහ විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී නොතිබුණි.