රතන හිමිට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවන බවත් එබැවින් මැතිවරණ පැවැත්වෙන කාලයන්හි වුවද අඛණ්ඩව එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
''මෙම දෙවසර තුළ මෙරට ජනතාවට වඩාත්ම වැදගත් වූ වැඩසටහන වන සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන, අප අමාත්‍යංශය යටතේ සිදු කෙරෙනවා. මෙම වැඩසටහන තුළින් වසර දෙකක කාලයක් තුළ ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමට අපේක්ෂා කරනවා. මේ වන විට ඒ සඳහා ලක්ෂයකට වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
උරුමය වැඩසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අඛණ්ඩ වැඩපිළිවෙලක් බවද පැවසිය යුතුයි. මේ වන විට ක්‍රියාත්මක වන්නේ එහි පළමු අදියරයි. මෙය කිසි සේත්ම දේශපාලන වැඩසටහනක් නොවෙයි. මැතිවරණ පවත්වන කාලවලදී වුවත් මෙම ඉඩම් ඔප්පු ලබා දීම සිදු කෙරෙනවා. නමුත් ඊට කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු වන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් හරහා සිදු කෙරෙන වෙනත් සේවාවන් පරිදිම ඔප්පු ලබා දීමද සිදු වෙනවා. එබැවින් මැතිවරණයකට දින නියම කිරීම මෙම වැඩසටහන නවත්වන්න හේතුවක් වෙන්නේ නැහැ. කිසිම මැතිවරණ නීති උල්ලංඝණයක් මෙම වැඩසටහනින් සිදු වන්නේ නැහැ. ඒ මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම ප්‍රසිද්ධ වේදිකාවල හෝ දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කාල සීමාව තුළ සිදු නොවන නිසයි. ඉඩම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දිරි දීමනා ලබා දීමද අනුමත කර තිබෙනවා.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.