විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ.
ඒ අනුව මෙවර තේරීපත් වූ 146 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් වීම විශේෂත්වයකි.
ඉන් බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරීපත්ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි.
පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 141ක් හිමිවූ අතර ඉන් 130 දෙනෙකුම නවක මන්ත්‍රීවරුන් බව සඳහන් වේ.
සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්‍රී ධුර 35න් 8 දෙනෙකු නවක මන්ත්‍රීවරුන් වන අතර 27 දෙනෙකු මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ද මෙවර පාර්ලිමේන්තුවට එක් නවක මන්ත්‍රීවරයෙකු තේරීපත්ව තිබේ.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් තිදෙනෙකුම නවක මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ද එක් නවක මන්ත්‍රීවරයෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබේ.
කෙසේ වෙතත් නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ තිදෙනාම මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වේ.
පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු ධුර 29ක් පත් කිරීමට නියමිත අතර ඉන් බහුතරය ද නවක මන්ත්‍රීවරුන් වනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙවර පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 150 ඉක්මවා යනු ඇත.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.