කොළඹ සිට ඉන්දියාව බලා යාත්‍රා කළ නෞකාවක පිපිරීමක්
කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව පවසයි.
ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන නව වාතාවරණය සම්බන්ධව අදහස් දක්වමින් මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව වාර්තාවක් පළ කර තිබුණි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතුළු සාර්ව ආර්ථික ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් නොවනු ඇති බවය.
කෙසේවෙතත්, ඇතැම් ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් මත නැවත සැකසීමේදී මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම අභියෝගකාරී විය හැකි බවත්, එය ණය අවදානම් වර්ගීකරණය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට හේතුවිය හැකි බවත් එම ආයතනය පෙන්වාදෙයි.
ඔවුන් පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කොට, පාර්ලිමේන්තුවෙන් සම්මත කළ ආර්ථික පරිවර්තන පනත යටතේ IMF වැඩසටහනේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ ඉලක්ක නව පනතක් හෝ සංශෝධනයක් මගින් මිස වෙනස් කිරීමට නොහැකි බවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට විරුද්ධත්වයක් නොදක්වන බවත් මූඩීස් සඳහන් කරයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.