ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමකින් 12 දෙනකු මරුට
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (14) දහවල් සිදුකළ තිබූ සමූහ වෙඩි තැබිමෙන් එක් වෙඩික්කරුවෙකුද ඇතුළුව 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපාන පාර්ලිමේන්තුවේ ඉහල යන කාන්තා නියෝජනයට ගැලපෙන පරිදි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තා වැසිකිළි ගණන ඉහල දමන මෙන් පෙත්සම් ඉදිරිපත් කර ඇති කාන්තා මන්ත්‍රීවරියන් 60 දෙනා අතර එරට අගමැතිනි සනේ ටකයිචි සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
2024 ඔක්තෝම්බර් මාසයේදී, වාර්තාගත ලෙස කාන්තාවන් 73 දෙනෙකු ආසන 465කින් යුත් මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වී තිබුණි.
එක් විපක්ෂ මන්ත්‍රීවරියක වන යසුකෝ කොමියාමා පැවසුවේ "බොහෝ වෙලාවට පූර්ණ සැසිවාරය ආරම්භ වීමට පෙර වැසිකිළිය ඉදිරිපිට දිගු පෝලිම්..." ඇති බවත්, සැසියක් ආරම්භ වීමට පෙර වැසිකිළියට යාම "අත්හැර දැමූ" බව තවත් මන්ත්‍රීවරියක තමන් වෙත පැවසූ බවත්ය.
සභා ගර්භය අසල කුටි දෙකක් සහිත එක් කාන්තා වැසිකිළියක් ඇති අතර මුළු ගොඩනැගිල්ලේම ඇත්තේ කුටි 22ක් සහිත කාන්තා වැසිකිළි නවයකි.
එරට මාධ්‍ය වාර්තාවලට අනුව, ගොඩනැගිල්ල පුරා කුටි 67 ක් සහිත පිරිමි වැසිකිළි 12 ක් ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (14) දහවල් සිදුකළ තිබූ සමූහ වෙඩි තැබිමෙන් එක් වෙඩික්කරුවෙකුද ඇතුළුව 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.