කෝටි 9ක් වංචා කළ රාජ්‍ය බැංකු නිලධාරිනියන් 3ක් අත්අඩංගුවට
රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුන්දින නිල සංචාරයක් සඳහා අද(04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය පැවැත්වෙන්නේ හෙට(05) පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයේ දී ය.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම අගමැතිනිය සමග ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමටත් දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටත් නියමිත ය.
සාම්පූර්හී ඉදි කෙරෙන සූර්ය විදුලි බලාගාරය සඳහා මෙන්ම ඉන්දීය ආධාර යටතේ මහව සිට අනුරාධපුර දක්වා ඉදි කෙරෙන දුම්රිය සංඥා පද්ධතියේ වැඩ ආරම්භ කිරීම ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුවයි.
ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාවගේ පොදු ප්‍රවාහන සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා මූලික පියවරක් ලෙස කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අද (05) සිට අරඹා තිබේ.
සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) උදෑසන 8.00 සිට යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි.