'දිට්වා' සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පැවසීය.

එම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනධායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් දිවයිනට පැමිණියේය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.