තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා වන සාකච්ඡාව අද (ජුනි 12 වැනිදා) නිව්යෝක්හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සැසියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට තුන්වැනි ණය වාරිකය ලබාදීම ගැන තීරණය කරනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුන්වැනි වාරිකය වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ වටිනාකම ඩොලර් මිලියන 330කි.
වැටී සිටින ආර්ථික බංකොලොත්භාවයෙන් මිදී නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ශ්‍රී ලංකාව ජාත්‍යතර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹෙන්නේ පසුගිය වසරේ දීයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව විස්තීරණ ණය පහසුකම යටතේ ණය වාරික දෙකක් ලබාගෙන තිබේ. මෙම ණය පහසුකම ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉටු කර පෙන්විය යුතු කොන්දේසි වලින් බහුතරයක් තවමත් ඉටු වී නොමැති බවට බොහෝ පාර්ශව අදහස් පළ කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 11ක යළිත් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.