ඇල්ලේ බස් අනතුරෙන් මියගිය ගණන 15ක් දක්වා ඉහළට
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලි මිනිස් ගැටුම පාලනය කිරිම සදහා ග්රාමාරක්ෂක භටයින් බදවා ගැනිමට තීරණය කර තිබේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ, වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඉකුත් දා (20) පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී එම තීරණයට එළබී බවයි.
සිවිල් ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජනරාල්වරයාට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදි තිබේ.
තම දෙපාර්තමේන්තුවට අවශ්‍ය ග්රාමාරක්ෂක භටයින් සංඛ්‍යාව පිළිබදව තොරතුරු ලබා දෙන ලෙසට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව යි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
බදවා ගන්නා ග්රාමාරක්ෂක භටයින් සදහා දැනට ඔවුන් ලබන වැටුපට අමතරව අමර ගෙවිමක් කිරිමටද නියමිතයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අලි මිනිස් ගැටුම හේතුවෙන් ගම්මාන රැසක ජනජිවිතය අඩාල වී ඇති බවත් එම ගම්මාන වල දරුවන්ට පාසලකට යාමට සහ එහි ජනතාවට රැකියාවන්ට යාමට පවා නොහැකි තත්ත්යක් උද්ගතව ඇති බවත් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
යුද නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවේ අහම්බෙන් හමුවූ හත් වැනි සමූහ සුසානය බවට සැක කෙරෙන ස්ථානයේ තව දුරටත් මිනිස් අස්ථි පවතීද යන්න සොයා බැලීම සඳහා පොලෝ මට්ටමින් යට පරීක්ෂා කර බැලීම වෙනුවෙන් සකස් කළ අයවැයට මේ වන තෙක් පළාත් බද මහාධිකරණයේ අනුමැතිය හිමිවී නැති බව හෙළි වී තිබේ.