කර්මාන්ත ශාලාවේ ආරක්ෂක අංශ පොලීසිය වෙත පවසා ඇත්තේ අද පස්වරු 07ට පමණ කර්මාන්ත ශාලාවේ ගබඩාව දෙසින් එක්වරම ගින්නක් හට ගත් බවය.
ගින්න පැතිරීම සමග ඒ අසල තිබූ ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසවලටද එම ගින්න පැතිර ගොස් ඇති අතර ඒ හේතුවෙන් වෛද්‍ය නිවාස දෙකක්ද ගින්නෙන් විනාශ වී තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ දෙකක් එම ස්ථානයට පිටත් කළ බව මහනුවර ගිනි නිවීමේ ඒකකට පැවසීය.
ඒ සමගම ගම්පොළ නගර සභාව හා යුද හමුදා වතුර බවුසර් පැමිණ ඇති අතර ඔවුන් ගින්න නිවීම සඳහා දැඩි වෙහෙසක් ගන්නා බවද වාර්තා වේ.
මේ අතර වෛද්‍ය නිල නිවාසවලට ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා එහි වහළය හා බිත්ති ගැලවීමටද මේ වන විට කටයුතු කර තිබේ.
මහනුවර ගිනි නිවීමේ ඒකකය, යුද හමුදාව, ගම්පොළ නගර සභාව, ගම්පොළ පොලිසිය සහ ප්‍රදේශවාසීන් ගින්න මැඩපැවැත්වීම සඳහා උත්සාය ගනිමින් සිටින බවද මේ වන විට වාර්තා වේ.
adaderana.lk