උගන්ඩාවේ වාහන කිහිපයක් එකට ගැටී 60කට වැඩියෙන් මරුට
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
Starlink' අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ "X" ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබේ.
සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 අගෝස්තු 14 වනදා කටයුතු කළේය.
Starlink යනු කුමක් ද?
Starlink ඉන්ටර්නෙට් සේවාව යනු, පෘථිවි පෘෂ්ටයට සාපේක්ෂව ආසන්න කක්ෂයක් හෝ පහළ පෘථිවි කක්ෂය තුළ ස්ථානගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ ඉන්ටර්නෙට් පද්ධතියකි.
ෆයිබර් ඔප්ටික් කේබල් භාවිත කිරීම වෙනුවට Starlink, අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා කුඩා, පහළ-කක්ෂීය චන්ද්‍රිකා දහස් ගණනකින් සැදුම්ලත් පද්ධතියක් භාවිත කරයි.
සරලව පැවසුවහොත්, Starlink විසින් රේඩියෝ තරංග හරහා ඉන්ටර්නෙට් දත්ත, කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යවනු ලබන අතර, එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත යොමු කරයි.
ගාස්තු සහ පැකේජ මොනවා ද?
Starlink වෙබ් අඩවියේ සඳහන් පරිදි නිවාස සඳහා සුදුසු පැකේජයේ මාසික ගාස්තුව රුපියල් 15,000කි.
එමෙන් ම තාක්ෂණික උපකරණ සඳහා රුපියල් 118,000ක් අය කරනු ලබයි.
මෙම සේවාව ඔස්සේ සීමා රහිත අන්තර්ජාල සේවාවක් ලබා දෙනු ලබන අතර මෙම ගාස්තු සඳහා බදු ඇතුළත් ද යන්න එහි සඳහන් කර නැත.
දැනට එම සමාගම ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දී ඇත්තේ මෙම පැකේජය පමණක් බව ඔවුන්ගේ වෙබ් අඩවිය පරික්ෂා කිරීමේ දී දැකගත හැකි වේ.
මුලාශ්‍ර : BBC
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිඳවැටීමට ලක්ව තිබූ 'ලංකා ගවර්මන්ට් ක්ලව්ඩ්' සේවාවේ ගැටලුව මේ වන විට සම්පූර්ණයෙන් ම විසඳා ඇති බවත් අක්‍රීයව පැවති සියලුම රජයේ මාර්ගගත සේවා අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි ජනතාවට විවෘත බවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුම් දෙයි.