බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝට වසර 27ක සිර දඬුවම්
හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 ක සිර දඩුවම් නියමකර තිබේ.
සැත්කමක් සඳහා රෝගියෙකු නිර්වින්දනය කිරීමෙන් පසු එම රෝගියා සැත්කම් මේසය මත සිටියදීම, හෙදියක් සමඟ ලිංගිකව හැසිරීමට වෙනත් කාමරයකට ගිය වෛද්‍යවරයෙක් ගේ ක්‍රියාව එක්සත් රාජධානියේ වෛද්‍ය විනිශ්චය සභාවක් විසින් විභාග කර තිබේ.
44 හැවිරිදි වෛද්‍ය සුහයිල් අන්ජුම් සහ නම් නොකළ හෙදිය "ලිංගික ක්‍රියාවක" යෙදී සිටිය දී හසු වී තිබුණේ මැන්චෙස්ටර් හි ටේම්සයිඩ් රෝහලේ ම සේවයේ නියුතු තවත් හෙදියකට ය.
2023 සැප්තැම්බර් මාසයේදී සිදුවූ මෙම සිදුවීම අනාවරණය වූයේ වෛද්‍ය අන්ජුම් -පකිස්ථානයේ ජීවත් වූ- නැවත එක්සත් රාජධානියේ සේවය කිරීමට අයදුම් කිරීමෙන් පසුව ඔහුගේ වෘත්තීය හැසිරීම පිළිබඳ නිල ඇගයීම් අතරතුරේ දී ය.
මැන්චෙස්ටර් හි පැවති නඩු විභාගයේදී වෛද්‍ය සභාව (GMC) විසින් ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද සාක්ෂි ඔහු අභියෝගයට ලක්කළේ හෝ ප්‍රතික්ෂේප නොකළ අතර, ඔහුගේ හැසිරීම 'ලැජ්ජා සහගත' බව පැවසීය.
කෙසේවෙතත්, වෛද්‍ය අන්ජුම් සැත්කම් ස්ථානයෙන් බැහැරව සිටියදී රෝගියාට කිසිදු හානියක් සිදු නොවූ බවත්, සැත්කම එතනින් පසුව වෙනත් සිදුවීමකින් තොරව කෙරී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නඩු විභාගය සිකුරාදා(12) දිනයේදීත් පැවැත්වීමට නියමිත ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 ක සිර දඩුවම් නියමකර තිබේ.
කටාර් අගනුවර වන දෝහා හි වෙසෙන ජ්‍යෙෂ්ඨ හමාස් නායකයන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබේ.
නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, පාර්ලිමේන්තු පරිශ්‍රයට කඩා වැදුණු Gen Z විරෝධතාකරුවන් එහි පිහිටි එක් ගොඩනැගිල්ලකට ගිනි තබා තිබේ.