නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට පත්වීම්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබේ.
ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බව ඇය සඳහන් කළාය.
බස් රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය යි
බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්ය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය නමුත් පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරු ශීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා වූ බැවින් මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන බස් රථ රියදුරන් ආසන පටි පැලඳීමේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක කෙරෙන අතර එය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබේ.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.
මේ වසර මුලදී අහඹු ලෙස හමුවූ විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා සමූහ සුසාන සංකිර්ණයෙන් ජනාධිපතිවරයා උතුරේ සංචාරය කරන ඊයේ දින (01) පුද්ගලයන් 9 දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගෙන තිබේ.