ප්‍රමිතියකින් තොර ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කූඨ ලේඛන සකස් කර කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හා ව්‍යාපාරිකයකු වන සිංගප්පූරු සරත් නැමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගටම පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.
අදාළ සිද්ධියට හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමෙන් පැයකට පමණ පසුව රණවීර මහතා නිවසින් පිටව ගිය පසුව නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පවසා තිබේ.
හිටපු අමාත්‍යවරයා සොයා ඔහු සිටින බවට සැක සහිත කැලණියේ ස්ථාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරික්ෂාවට ලක්කර ඇතත් ඔහු සොයා ගැනීමට හැකිව නොමැත.
ඊට අමතර ප්‍රසන්න මහතාගේ රියදුරාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටඋත්තරයක් ලබාගෙන තිබේ.
මේ අතර, අදාළ සිද්ධියට සම්බන්ධ කිරිබත්ගොඩ සමාජ ශාලා හිමිකරුවකු වන සිංගප්පූරු සරත් නැමැත්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටින බව වාර්තා වේ.
අදාළ ඉඩමේ පර්චස් 120 කට සකූඨ ලේඛන සකස් කර ඉන් භාගයක් තමන් සතු කර ගෙන ඉතිරි ප්‍රමාණය පර්චස් 7 බැගින් කඩකාමර ඉදිකිරිමට මුදල්ට අලෙවි කර වංචා කිරීම හා ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුලු තවත් තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
මෙම ඉඩම 2010 වසරේදී කිරිබත්ගොඩ නව නගරය ඉදිකිරීම සඳහා රජය වෙත පවරා ගත් භූමියක් වන අතර එම ඉඩම මෙලෙස මොවුන් වංචාසහගත ලෙස පවරාගෙන තිබේ.
කෙසේවුවද, මෙහි ඔප්පු සකස්කරන ලද නීතීඥයා මේවන විට මියගොස් ඇති බවද වාර්තා වේ.
dinamina.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද අද දින මකුළුගස්වැව පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් ක්‍රියාකොට තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව වරදකරුවන් වන අය අතර වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්රියාක්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.