සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කෙරේ
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මේ බව සඳහන් කළේ ඊයේ (9) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
පුරුෂයන් අතර බහුල පිළිකා ලෙස පළමුව මුඛ පිළිකාවත් දෙවනුව පෙනහළු පිළිකාවත් තෙවනුව මහා අන්ත්‍ර ගුද මාර්ග පිළිකාවත් සැලකෙන බව ඔහු පවසයි.
කාන්තාවන් අතර බහුල පිළිකා ලෙස පළමුව පියයුරු පිළිකාවත් දෙවනුව තයිරොයිඩ් ග්රන්ථ පිළිකාවත් තෙවනුව මහා අන්ත්‍ර ගුද මාර්ග පිළිකාවත් සැලකෙන බව ඔහු පවසයි.
කාන්තා පියයුරු පිළිකා රෝගීන් 5500ක් පමණ වසරකට හඳුනා ගැනෙන බව ඔහු වැඩිදුරටත් පැවසිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් නන්දික කුමානායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.