ICC 20-20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (19) රාත්‍රී 8.00ට අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලියේ බී කාණ්ඩය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම පෙරමුණේ පසු වන අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවේ.
අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබාගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ සුපිරි 4දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබයි.
ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 71කට වැඩි සංඛ්‍යාවකින් හෝ පන්දුවාර 11යි එක් පන්දුවකට පෙර ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් පරාජයට පත්වුවහොත් බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායමවලට එම අවස්ථාව හිමි වේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානයට අඩු ලකුණු සංඛ්‍යාවකින් හෝ අඩු පන්දුවාර සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී පරාජයට පත්වුවහොත් දෙවන වටයට සුදුසුකම් ලබන්නේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම යි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.
2025 ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරග අද (13) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතයි.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය කඩුලු 5කින් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.