නව මහාධිකරණ විනිසුරුවරුන් 18කට පත්වීම්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සමහර වාහන අපරාධවලට යොදාගෙන ඇති බවට ද හඳුනාගෙන ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න පැවසීය.
මේ වාහන තියෙන්නේ කොහේදැයි නිශ්චිතව හඳුනා ගත්තේ දැයි විගණකාධිපතිවරයා විමසා සිටියේය. සමහර වාහන මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇතත් ඒවා එම අධිකාරියේ නැතැයි පැවසූ විගණකාධිපතිවරයා ආයතනයේ වාහන කොටසක් වෙනත් පුද්ගලයන්ගේ නම් වලට ලියාපදිංචි කර ඇතැයිද ප්‍රකාශ කළේය.
වාහන සම්බන්ධයෙන් මේ ආයතනයේ පාලනයක් තිබී නැති බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමටද උනන්දු වී නැති බවත් විගණකාධිපතිවරයා පැවසීය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ(18) රැස්වූ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය විය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබේ.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.
මේ වසර මුලදී අහඹු ලෙස හමුවූ විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා සමූහ සුසාන සංකිර්ණයෙන් ජනාධිපතිවරයා උතුරේ සංචාරය කරන ඊයේ දින (01) පුද්ගලයන් 9 දෙනකුට අයත් අස්ථි අලුතින් මතු කරගෙන තිබේ.