විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යොදවන බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අද 29 පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
දිවයින පුරා ස්ථාපිත 13,000 කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සහ 45 කට වැඩි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ මැතිවරණ කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන ජංගම රථ 3200 ක් සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
නීති විරෝධී පෝස්ටර් , කටවුට්, බැනර් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවාගෙන ඇති අතර මේ වන විටත් නීති විරෝධී කටවුට් ඉවත් කිරීම සිදුකරන බවද ඔහු කීය.
නීති විරෝධී කටවුට් 169,358 ක් ඉවත් කර ඇති අතර නීති විරෝධී පෝස්ටර් 61,062 ක් පොලිස් භාරයට ගෙන ඇත,
එමෙන්ම නීති විරෝධී බැනර් 613ක් ඉවත් කර ඇති අතර නීති විරෝධී බැනර් 510 ක් පොලිස් භාරයට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට කීය.
නීති විරෝධී කටවුට් 766 ක් ඉවත් කර ඇති අතර කටවුට් 793 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අනෙකුත් නීති විරෝධී ප්‍රචාරණය ඉවත් කිරීම් 2351 ක් සිදුකර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් 6336 ක් බාරයට ගෙන ඇති බව ඔහු පැවසීය.
ජනාධිපති අපේක්ෂකයන් තිස් අට දෙනා පිළිබඳව බුද්ධි වාර්තා මේ වන විටත් ලබාගෙන ඇති අතර එම බුද්ධි වාර්තාවලට අනුව ඒ ඒ අපේක්ෂකයන්ට ඇති තර්ජන වල තක්සේරු අනුව පොලිස් නිලධාරීන් 260 ක් ඔවුන්ගේ සෘජු ආරක්ෂාව සඳහා යොදා ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට කීය.
යම් තර්ජනයක් සහිත අපේක්ෂකයන් පවත්වන රැස්වීම් සඳහාද පොලිස් ආරක්ෂාව ලබාදීමට මේවන විටත් කටයුතු කර ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවසීය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.