යුද හමුදාවෙන් ඉවත් වූ 10,000ක් පොලිස් සේවයට බඳවා ගැනීමේ සැලසුමක්
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ජාතික තලයේ දේශපාලකයෝ විශාල පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන පළමු අවස්ථාව මෙය බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, ඒ හේතුවෙන් මෙවර මැතිවරණය තීරණාත්මක බවයි.
ක්‍රියාකාරී දේශපාලනඥයින් 50කට අධික සංඛ්‍යාවක් මෙවර මැතිවරණ සටනින් ඉවත්ව ඇතැයි ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ ය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව මේ වනවිට නිල වශයෙන් නිවේදනය කර ඇති පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැතිඇමතිවරු ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පැවැති ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශෙහාන් සේමසිංහ, සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග, තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, එක්සත් ජතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාරියවසම් දැක්විය හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.