රුසියාවට එන්නැයි පුටින් ගෙන් කිම්ට ආරාධනා!
බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
UPDATE 05 PM: පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගොඩබෑමට යාමේ දී කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් 177 දෙනකු මියගොස් තිබේ. දකුණු කොරියානු රජය ඉදිරි දින හත ජාතික ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇත.
Update 11 AM-
පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගොඩබෑමට යාමේ දී කඩා වැටීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
දකුණු කොරියානු යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ, ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන, තාප්පයක ගැටී ඇති බවයි.
මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ගිනි නිවන නිලධාරියෙකු රොයිටර් පුවත් ඒජන්සියට පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අන්ත දක්ෂිණාංශික සබඳතා සහිත මෙන්ම "වෛරය පතුරුවන" බවට ඕස්ට්‍රේලියානු රජය විසින් හෙළා දුටු සංක්‍රමණ විරෝධී රැලි සඳහා රට පුරා ඕස්ට්‍රේලියානු ජාතිකයන් දහස් ගණනක් සහභාගී වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව සහ යුක්රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.