ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට 20%ක් දක්වා අඩුවෙයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් පළමු දින 100 තුළ ප්‍රමුඛතාවය දී කරන කටයුතු 05 ක් ගැන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක BBC සිංහල සේවයට පැවසුවේය.
බලය පිහිටුවීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගැලපෙන පාර්ලිමේන්තුවක් පිහිටුවීම, නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කරමින් දැනටමත් අධිකරණය මගින් ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම සහ පීඩිත ජනතාවට සහනාධාර වැඩපිලිවලක් ක්‍රියාත්මක කිරීම ඊට ඇතුලත් වන බව ඔහු පැවසුවේය.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇතිකරගෙන ඇති එකඟතාවය ඉදිරියට ගෙන බවත්, වසර එකහමාරක් පමණ කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු BBC සිංහල සේවය සමග පැවති සංවාදයක දී සඳහන් කළේය.
IMF සමග ගනුදෙනු කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සහ නව ව්‍යවස්ථා සංශෝධනය, බුද්ධි ගලනය, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම, පළමු දින 100 තුල ප්‍රමුඛතා, පුද්ගලික විශ්වවිද්‍යාල ගැන දරන අදහස, මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.
උපුටා ගැනීම : BBC සිංහල සේවය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.