ගන්දරින් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය
දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබේ.
විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියේදී අදාළ වාර්තාව ලබාදී ඇත.
එම වාර්තාවට අනුව අධිකරණය විසින් පොලිසියට නියෝග කිහිපයක්ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද නියමිතය.
පසුගිය 19 වනදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්ති කූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණි.
සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වනවිට විමර්ශන සිදුකරනු ලබයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ.
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බවත්, ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළෙහිදීද චීනය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සුදානම් බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng පවසා තිබේ.
'දිට්වා' සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පැවසීය.