ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාවට 20%ක් දක්වා අඩුවෙයි
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සියලු පෞද්ගලික සහ රාජ්‍ය බැංකු සහ මූල්‍ය සේවකයින්ටද නිවාඩු ලබාදෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
එම කොමිසම නිවේදනය කළේ, සාමාන්‍ය නිවාඩු අඩු කිරීමකින් හෝ වැටුප් කප්පාදුවකින් තොරව නිවාඩු ලබා දිය යුතු බවයි.
මේ අනුව
සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 හෝ ඊට අඩු නම් දින බාගයක්ද,
සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 ත් 100 ත් අතර නම් දින එකක්ද,
සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 100 ත් 150 ත් අතර නම් දින එක හමාරක්ද,
කිලෝමීටර් 150 ට වැඩි නම්, දින 2ක් ද නිවාඩු ලබාදිය යුතු ය.
නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට හා ඒමට එම කාලය ප්‍රමාණවත් නොවන අවස්ථාවන්වලදී දින 3ක කාලයක් ලබා දිය යුතු ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි "1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත" ගැසට් කර තිබේ.
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.