කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
මහනුවර කුණ්ඩසාලේ පිහිටි ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් අනුමැතිය ලබා දුන්නේය.
මෙම ප්‍රාථමික විද්‍යාලය මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැදින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තෙම්න්තුවේ ව්‍යුහ කමිටුව ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලබා දීම ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත.
මව්පියන්, ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉදිරිපත් කර තිබු යෝජනා රැසක් සැලකිල්ලට ගනිමින් පළාත් දෙපාර්තමේන්තුව නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම විද්‍යාලය 1939 එස්.ඩබ්ලිව්.ආරඩි බණ්ඩාරනායක විදුහල නමින් ආරම්භ වු අතර, කලින් කල හදුන්වා දෙනු ලැබූ විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමිව නත්තරම්පොත විද්‍යාලය, කුණ්ඩසාලේ මහා විදුහල වැනි නම් වලින් ද හදුන්වා ඇත.
මෙම පාසල කුණ්ඩසාලෙ අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රාථමික විදුහල් අතරින් ප්‍රධාන තැනක් ගන්නා විද්‍යාලයකි.
වික්ටෝරියා ජලාශය ඉදිකිරීමේදී එහි කොටසක් ජලාශයට යටවී ඇත. පසුව බණ්ඩාරනායක ජාතික පාසල වෙත ගෙන යනු ලැබිය.
වැසි යාමේ තර්ජනයට ලක් වූ මෙම විදුහල ‘ලගම පාසල හොදම’ පාසල ව්‍යාපෘතිය යටතේ 2012 වසරේ දී ‘කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය’ යන නමින් නව ගොඩනැගිල්ලක් ඉදිකොට සංවර්ධනය කළේය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයන් හැට තුන් දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.