මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බව යි එම සංගමයේ සාමාජික සඳුන් රත්නායක සඳහන් කළේ,
"ඔබ විසින් මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසිදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමටත්, එම ආහාර උණුවෙන් සකස් කර ගන්නා ලද ආහාර පමණක් ලබාගැනීමටත් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ ලබාගන්නා ජලය උණුකර නිවාගත් ජලය හෝ පානය සඳහා සුදුසු බෝතල් ජලය පමණක් ලබාගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබ මේ දිනවලදී ඔබගේ ශරීරයේ යම් කිසි ස්ථානයක තුවාලයක් නැත්නම් සීරිමක් වගේ සමේ යම් හානිවීමක් සිදුව ඇත්නම් ඔබ ගංවතුරට නිරාවරණය වුයේ නම් අනිවාර්යයෙන්ම මී උණ වැලඳීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකියි. ඒ නිසා ඔබ මී උණ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමු වන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.