මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
රාජ්‍ය ආයතනවලින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවුඩ යොදා ගැනීමේදී පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතු බව දැනුම් දී තිබේ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපි යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.
රජයේ ප්‍රතිපත්තීන්ට හා ඉදිරි දැක්මට අනුකුල වීම සඳහා ප්රශස්තව රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීම වෙනුවෙන් එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේදී අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගත යුතුය.
අමාත්‍යවරුන් වෙනුවෙන් අදාළ අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු බව, අග්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.