ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
අද සිට රජයේ පාලන මිල යටතේ වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල්හිමියන් තීරණය කර තිබේ.
අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළේ රජයේ පාලන මිල යටතේ වෙළෙඳපොළට සහල් නිකුත් කරමින් ජනවාරි 20 තෙක් මෙලෙස සහයෝගය දක්වන බවයි.
"ජනාධිපතිතුමා රට තුළ සිදුකරන කාර්යයට ශක්තියක් සහයෝගයක් වෙන්න... අපි අද දිනයේ සිට සියලුම සහල් වර්ග පාලන මිලට යටත්ව වෙළෙඳාම් කරන්න තීරණය කරනු ලැබුවා."
"නිපුන ව්‍යාපාරයේ අධිපතිතුමා, නිව් රත්න අධිපතිතුමා සමගත් මං සාකච්ඡා කළා. ඔවුන් එකඟතාවයක් පත් කළා. සමස්ත වෙළෙඳ ප්‍රජාවගෙන්ම මම ඉල්ලා සිටින්නේ අද සිට රජයේ පාලන මිලට සහල් විකුණන්න පුළුවන් විදියට අපේ සහල් ටික අපි නිකුත් කරන්නම්. ජනවාරි 20 වෙනකම් පමණක් මේ විදියට අපි සහයෝගයක් දෙමු."
"මේ දිනය දා ගත්තේ... නව අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙනවා. මාස් කන්නයේ වී සඳහා නව මිලක්, සහල් සඳහා නව මිලක් අපිට අවශ්‍යයි. ඒකයි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.